මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් "රට ම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන 'අළුගෝසු' හෙවත් 'වධක' තනතුර සඳහා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට බඳවා ගෙන ඇති බව ය.