දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ අගෝස්තු 22 සිට 26 දක්වා දිනවල බෙයිජිං හිදී පැවැත්වීමට නියමිතය.මෙම ක්‍රීඩා උලෙළට මීටර් 100 ස්ප්‍රින්ට් තරග‍, මානව-රොබෝ සටන් තරග, මේස පන්දු තරග, බල එසවීම මෙන් ම පාපන්දු ලීගයක් ඇතුළු විවිධ තරග ඇතුළත් වේ.වෝල්ට්ස්, නවීන වීදි නැටුම් සහ සාම්ප්‍රදායික සටන් කලාවන් මානවරූපී රොබෝවරුන් විසින් ඉදිරිපත් කිරීම මෙහි විශේෂත්වයකි. එසේම ගෘහාශ්‍රිත සේවා, කාර්මික නිෂ්පාදන සහ හදිසි ගලවා ගැනීම වැනි විවිධ අවස්ථාවලින් ද තරඟාවලිය සමන්විත වේ. ජනතාවගේ ජීවිත සහ කර්මාන්ත සවිබල ගැන්වීමේදී නව්‍ය පරිවර්තනය සහ මානව බුද්ධියේ අසීමිත විභවය අත්විඳීමට ප්‍රේක්ෂකයන්ට එමගින් අවස්ථාව ලැබෙනු ඇත.The post දෙවන ලෝක මානවරූපී රොබෝ ක්රීඩා උලෙළ අගෝස්තු 22 වැනිදා බෙයිජිංහිදී appeared first on Siyatha News.