කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්  

Wait 5 sec.

ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බවත් වෙනත් රටවලට පදනම් රහිත චෝදනා එල්ල නොකළ යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා මේ බව කියාසිටියේ, මෑතකදී ඇමරිකාව චීන-රුසියා-කියුබානු යුද හමුදා සහයෝගිතා හේතුවෙන් කියුබානු සමාගම් හා පුද්ගලයන් වෙත සම්බාධක පැනවීම සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.කියුබාවට සිය රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට මෙන්ම බාහිර මැදිහත්වීම්වලට විරෝධය පළ කිරීමට  චීනය සහාය වන බව ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා තවදුරටත් පවසා ඇත.The post කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්   appeared first on Siyatha News.