චීනයට එන්න – ‌Elon Musk‌ ලෝකයට කියයි

Wait 5 sec.

චීනයට ගොස් චීනයේ අසිරිය විඳින්නැයි ලෝප්‍රකට ව්‍යවසායක, ඇමරිකානු Tesla හා SpaceX සමාගම්වල ප්‍රධාන විධායක ‌Elon Musk‌ සහ ඔහුගේ මව පවසති.චීනය ඉතා අපූරු රටක් බවත්, චීනයේ සංචාරය කිරීම සියලුදෙනාට  නිර්දේශ කරන බවත්, පසුගියදා ‌Elon Musk‌ සමාජ මාධ්‍ය පණිවිඩයකින් කියාසිටියේය. ඉන් අනතුරුව Maye Musk සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සිය පුත්‍රයාගේ එම පණිවිඩය බෙදා ගත්තා ය. “චීනයේ සෑම නගරයකටම ආවේණික ආකර්ෂණයක් පවතින බවත් සියලු ස්ථානවල පවිත්‍ර පරිසරයක් දැක ගත හැකි බවත් එහි සඳහන් විය.  එමෙන්ම චීන ජාතිකයන් ඉතා ආචාරශීලී, උත්සාහවන්ත පිරිසක් වන අතර අන් අයට ගරු කරන බව ද සටහන් කර තිබිණ. චීනය ඉතා ආරක්ෂිත රටක් බැවින් චීනයේ සංචාරය කිරීමට තමන් දැඩි  කැමත්තක් දක්වන බව ද ඇය සිය පුත්‍රයාගේ පණිවිඩය බෙදා ගනිමින් ප්‍රකාශ කර තිබේ.The post චීනයට එන්න – ‌Elon Musk‌ ලෝකයට කියයි appeared first on Siyatha News.