රෙහාන් මීට මාස කිහිපයකට පෙර ලොව ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක නිරත වූ තරුණයෙකි.ඔහු ආකර්ෂණීය මාසික වැටුපකට ද හිමිකම් කීවේ ය. ක්ෂේත්‍රයේ සිටින තම සගයින් මෙන් ඔහුට ද මූල්‍යමය වශයෙන් යහපත් ජීවන රටාවක ප්‍රතිඵල භුක්ති විඳීමට හැකියාව තිබිණි.නමුත් තම වෘත්තීය ජීවිතයේ උන්නතිය වෙනුවෙන් වෙනසක් අපේක්ෂාවෙන් ගත් තීරණයක් දැන් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කර තිබේ.