ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාව රැස් කළ කණ්ඩායම ලෙස ඉදිරියෙන් ම සිටින්නේ ශ්‍රී ලංකාව ය. එම දක්ෂතාව දැක්වූයේ ද, ඉන්දියාවට එරෙහිව ය.ඒ, 1997 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කඩුලු 6කට ලකුණු 952ක් රැස් කරමිනි.ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස බිඳ දැමුවේ එංගලන්තය 1938 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 903ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාව ය.