නාමල් රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ පැමිණිල්ල ගැන වැඩිදුර විමර්ශන ඇරඹීමට නීතිපතිගෙන් CIDයට උපදෙස්

Wait 5 sec.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ඉදිරිපත් වී තිබූ පැමිණිල්ල පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (ජුනි 30 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.