චීනයේ උප අගමැති,චීන -ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිත He Lifeng මහතා, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Scott Bessent සහ ඇමරිකානු වෙළඳ නියෝජිත Jamieson Greer යන මහත්වරුන් සමඟ වීඩියෝ සාකච්ඡාවකට එක්විය.මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය, බෙයිජිං හි පැවති දෙරටේ නායකයන්ගේ හමුවේදී ඇති කරගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, ස්ථාවර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වා ගැනීම, ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙපාර්ශ්වයේ ම අවධානය යොමු කළ යුතු කරුණු නිසි ලෙස විසඳීම පිළිබඳව පුළුල් සහ ඵලදායී අදහස් හුවමාරුවක් සිදු කළහ.ඇමරිකාව විසින් මෑතකදී චීනයට පැනවූ ආර්ථික හා වෙළඳ සීමා කිරීම් පිළිබඳව උප අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැඩි අවධානය යොමු කළේය.දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මඟපෙන්වීම යටතේ චීන – ඇමරිකා ආර්ථික හා වෙළඳ උපදේශන යාන්ත්‍රණයේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරමින්, සන්නිවේදනය වැඩිදියුණු කිරීම, අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම, සැක දුරු කිරීම, සහයෝගීතාව පුළුල් කිරීම සහ ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාවර හා ධනාත්මක මාවතකට ගෙන යාමට දෙපාර්ශ්වය මෙහිදී එකඟ වූහ.මෙය උපායමාර්ගික ස්ථාවරත්වයක් සහිත ඵලදායී චීන – ඇමරිකා සබඳතාවක් ගොඩනැගීමට දායක වනු ඇති බව සාකච්ඡාවට එක්වූවෝ සඳහන් කළහ.The post චීන – ඇමරිකා ආර්ථික සබඳතා ඵලදායී කිරීම වෙනුවෙන් මාර්ගගත සාකච්ඡාවක් appeared first on Siyatha News.