උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය කටයුතු කොමිසමේ සභාපති Kim Jong-un මහතා අද(8) Pyongyang හි Kim ll-sung චතුරශ්‍රයේදී, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය.Kim Jong-un මහතා සහ ආර්යාව Ri Sol Ju මහත්මිය, Kim ll-sung චතුරශ්‍රයේ සිට ෂී ජින්පිං මහතා සහ Peng Liyuan ආර්යාව මහත් හරසරින් පිළිගත්හ.Kim Jong-un මහතා සමඟ එක්ව, ෂී ජින්පිං මහතා උතුරු කොරියානු මහජන හමුදාවේ ගෞරවනීය ආචාරය පිළිගැනීමට එක් විය.උත්සවය අවසානයේ, චීන සහ කොරියානු භාෂාවලින් යුත් පිළිගැනීමේ සුබපැතුම් සහිත වර්ණවත් බැලූන් අහසට මුදා හරින ලදී.The post රාජ්ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක් appeared first on Siyatha News.