පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේට නිදහස ඉල්ලා බෞද්ධ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (ජූනි 08) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යාග්‍රහයක් ආරම්භ කළහ.ඔහුට සහයෝගය දක්වන පිරිසක් විසින් "ස්ටැන්ඩ් අප් ෆෝ සලේ" නමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත්තේ "පරීක්ෂණ පවත්වනු. ශානිගේ වධකාගාරයෙන් සලේ නිදහස් කරනු" යනුවෙන් ඉල්ලමිනි.