ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC) සහ එහි සෙසු පාර්ශ්වකරුවන්ගෙන් සැදුම්ලත් OPEC+ සංවිධානය ජූලි මාසයේදී තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 188,000කින් වැඩි කිරීමට තීරණය කළේය. ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සමාලෝචනය සඳහා සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය සහභාගී වූ මාර්ගගත රැස්වීමකින් පසු ව මෙම තීරණය නිවේදනය කෙරිණ. මැයි පළමු වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සහ OPEC+ සංවිධානයෙන් ඉවත් වුව ද, සිය නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා OPEC+ සංවිධානය මෙම තීරණය ගෙන ඇත.OPEC+ රටවල් හත විසින් නිෂ්පාදන ගැළපීම ඉහළ නැංවීමට හේතුව “තෙල් වෙළඳපොළේ ස්ථාවරත්වයට ඇති සාමූහික කැපවීම” බව ද ප්‍රකාශයේ සඳහන් වේ. එම ප්‍රකාශයට අනුව, වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන් අනුව තම නිෂ්පාදනය පවත්වාගෙන යාමට රටවල් හත පූර්ණ නම්‍යශීලීභාවයෙන් කටයුතු කරනු ඇත.The post ජූලි මාසයේදී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට OPEC+ රටවල් හතක් තීරණය කරයි appeared first on Siyatha News.