දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසිනුයි මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඒ අනුව විත්තිකරුට දඬුවම් නියම කිරීමට නියමිත අතර ඊට අදාළ කරුණු දැක්වීම් නීතිඥවරු විසින් මේ වන විට සිදු කරමින් තිබෙනවා.2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිවයි මෙම නඩුව ගනු කර ඇත්තේ.The post සරණ ගුණවර්ධනට සිර දඬුවම් appeared first on Siyatha News.