දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය අද (ජූනි 9) නියෝග කළේ ය. සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.