තණමල්විල, හම්බෙගමුව පොලිස් වසමට අයත් දහයියාගල කරමැටිය වැව අසල වගුරු බිමක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.වනජීවී නිලධාරීන් විසින් මෙම අලියාට කිහිප වතාවක් ප්‍රතිකාර කර ඇති අතර, කෙසේ වෙතත් පසුව එය මියගොස් ඇත. අලියාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හම්බෙගමුව පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.The post තවත් මියගිය වන අලියෙකුගේ සිරුරක් දහයියාගල කරමැටිය වැව අසලින් සොයා ගැනේ appeared first on Siyatha News.