තමා පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය නිදර්ශන චාරිකාවක් සඳහා මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තප්පර 30ක් ඇතුළත තම පාලනයෙන් මිදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු බව හෙලිකොප්ටර් යානය පැදවූ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයේ ප්‍රධාන ගුවන් නියමු, ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැසීය.