ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ, දුම්රිය සමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව දුම්රිය සමාන්‍යාධිකාරීවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දෙමින් කියා සිටියේ ය.