ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රියන්ත වීරසූරියගේ නම මෙම තනතුර සඳහා නිර්දේශ කරනු ලැබුවා.පෙරදී ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සලකා බැලීම සඳහා පසුගිය ජුලි 7 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ නමුත් අවසාන තීරණයක් ගැනීමට නොහැකි වුණා. හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව, වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා යෝජනා කරනු ලැබුවා.The post නව පොලිස්පති ලෙස ප්රියන්ත වීරසූරියගේ නමට අනුමැතිය appeared first on Siyatha News.