ඔබේ පසුම්බියේ ඔබ නොදැනුවත්ව ව්‍යාජ නෝට්ටු තිබේ ද?: ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගන්නේ මෙහෙමයි

Wait 5 sec.

"ටිකකින් මැනේජර් මට එන්න කියලා කිව්වා, මම දුන්න සල්ලිවල පන්දාහේ කොළයක් තියෙනවා ඒක හොර එකක් කියලා කිව්වා. ඒක අහපුවා ම මාව රත් වෙලා ගියා. මගෙන් විස්තර ඇහුවා ඒක කොහොම ද ලැබුණේ කියලා. මට ඉතින් ඒක මතක තිබුණේ නැහැ. බැංකුවේ අය කිව්වා ඔයාව දන්න නිසා බය වෙන්න එපා කියලා. ඒ අය ඒ නෝට්ටුව විනාශ කරනවා කිව්වා. එහෙම කියලා මගෙන් තව පන්දාහක් ඉල්ල ගත්තා මගෙ එකවුන්ට් එකට සල්ලි දාන්න. එදා ඉඳලා සල්ලි ගනිද්දි මම ගොඩක් පරිස්සම් වෙනවා."