කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග සහ බැකෝ සමන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඉන්දුනීසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමග ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.සැකකරුවන් සහ සැකකාරිය ඉදිරි දින 03 ක කාලයක් තුළදී කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේThe post කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග සහ බැකෝ සමන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. appeared first on Siyatha News.