කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.