හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගෙන දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවට සුදත්ත තිලකසිරි නැමැති පුද්ගලයකු යූටියුබ් හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.