ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් මුල් ගල තබා පසුගිය වසරේ වැඩ ආරම්භ කරන ලද උතුරේ ඉදිවන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු පරිසර අගැයීම් වාර්තාව නොමැති වීම හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට නියෝග කර තිබේ.යාපනයේ ඉදිවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ, ඉදිකිරීම් සඳහා අවශ්‍ය පරිසර බලපෑම් අගැයීම් ලබා දී ඊට අනුමැතිය ලබා දෙන තෙක් දැනට ආරම්භ කර ඇති වැඩකටයුතු නවතා දමන ලෙස දැනුම් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.