සිය සේවා කාලය තුළ අදාළ සීමා, චක්‍රලේඛ, රෙගුලාසි සහ නීතිමය ක්‍රියා පටිපාටිය උල්ලංඝනය වන ඉල්ලීම් රැසක් ලැබුණ බව ලංකා සීනි පුද්ගලික සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකරගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් ව තිබිණි. මේ අතර, ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය චෝදනා කරන්නේ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉඩම් රාජකාරීවලට බලපෑම් එල්ල කරන බව ය.