වැල්ලවාය – ඇල්ල මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව අසල සිදු වූ බස් අනතුරකින් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වනවා. තුවාල ලැබූ 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඔවුන් අතර කාන්තාවන් 7 ක්, පිරිමි පුද්ගලයින් 11 ක් සහ ළමුන් 5 ක් ද වෙති. මියගිය අය අතර කාන්තාවන් 9 ක් සහ පිරිමි පුද්ගලයින් 6 ක් ද වන බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.තංගල්ල නගර සභා සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් විනෝද චාරිකාවක් අවසන ආපසු එමින් සිටියදීයි මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදු වී ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30කට අධික පිරිසක් ගමන් ගනිමින් සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.අනතුර සිදුවූ ස්ථානයේ දැඩි බෑවුම් සහිත තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් පිරිස බේරාගැනීමේ මෙහෙයුම් සඳහා පොලීසියට, යුද හමුදාවට, ගුවන් හමුදාවට, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවට සහ ප්‍රදේශවාසීන්ට විශාල වෙහෙසක් දැරීමටද සිදුවී තිබෙනවා. මේ වන විට බස් රථයේ ගමන් ගත් 15 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බවත් ඔවුන් බේරාගන්නට ගිය එක් පුද්ගලයෙකුගේ ද ජීවිතය අහිමි වී ඇති බවත් වාර්තා වෙනවා.The post ඇල්ල වැල්ලවාය මාර්ගයේ බස් රථයක් ප්රපාතයට පෙරළෙයි appeared first on Siyatha News.