ඇල්ල බස් රථ අනතුර වාර්තා කළ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම්: 'එක කඹයක් අල්ලන්න 200ක් විතර එකතු වෙලා හිටියා. තිබුණු තත්ත්වය හැටියට මම ත් කඹයක් අල්ලාගෙන හිටියේ'

Wait 5 sec.

පහළොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සැප්තැම්බර් 04 වන දින ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ මාරක බස් අනතිරින් දිවි ගලවාගත් පිරිස් ගලවා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාව ද විශාල සහයෝගයක් ලබා දී තිබිණි. තමන්ට හැකි අයුරින් ඒ සඳහා ඔවුන් සහය දුන් ආකාරය එම ස්ථානයේ සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුන විස්තර කළේ මේ අකාරයෙන් ය.