ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පවතින බවට සහතික දෙන දේශපාලනඥයින් ම බොහෝවිට ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සඳහා විදෙස්ගත රෝහල් කරා ඇදී යාමේ ප්‍රවණතාවක් පසුගිය දශක කිහිපය පුරා අපි අසා දැක ඇත්තෙමු.මෙහි ආසන්නතම සිදුවීම වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට යාම ය.එහිදී, ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව මාධ්‍ය වාර්තාවල පළවී තිබිණි.