සියලු රාජ්‍ය ආයතනවල AC පස්වරු 3ට වැසේ: ඉදිරි දිනවල සිදුවන වෙනස්කම් මොනවා ද?

Wait 5 sec.

පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් මෙරට විදුලි සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳ කරුණු 03ක් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සියලුම රාජ්‍ය ආයතනවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල පස්වරු 3.00 ට සියලුම වායු සමන යන්ත්‍ර අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කර ඇති නව මාර්ගෝපදේශයේ සඳහන් කර ඇත.