අයිස් සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ගණේමුල්ලේදී අත්අඩංගුවට

Wait 5 sec.

ගණේමුල්ල පොලිස් වසමේ අන්තෝනි මාවත හන්දිය අසලදී ඊයේ (29) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 470ක් සහ හෙරොයින් ග්‍රෑම් 230ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබ්‍රෙනවා. බොල්ලත සහ ගණේමුල්ල ප්‍රදේශවල පදිංචි 25 සහ 26 වියේ පසුවන මෙම සැකකරුවන්, යතුරුපැදිය ද සමඟ වැඩිදුර විමර්ශන සඳහා ගණේමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.The post අයිස් සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ගණේමුල්ලේදී අත්අඩංගුවට appeared first on Siyatha News.