බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා භාර දෙයි

Wait 5 sec.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අද (මාර්තු 27) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ය.කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම චෝදනා භාර දීම සිදු විය.මීට පෙර අධිකරණය නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.