මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගිනිඅවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි ‘මිදිගම චූටි’ නමැති 38 හැවිරිදි සංවිධානාත්මක අපරාධකරු, ඕමානයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (30) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ඔහුව, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත යොමු කර තිබෙන බවටයි වාර්තා වන්නේ.The post ඕමානයේදී කොටු වූ මිදිගම චූටි appeared first on Siyatha News.