ඉන්දීය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක්

Wait 5 sec.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා. එහිදී මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය පිළිබඳවයි දෙපාර්ශ්වයේම අවධානය යොමු වී තිබුණේ.සිය X (ට්විටර්) ගිණුම හරහා අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් සඳහන් කළේ, මැදපෙරදිග වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව දරන ස්ථාවරය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දැනුවත් කළ බවයි. මෙම සාකච්ඡාව ඉතා සාර්ථක මට්ටමක පැවති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.The post ඉන්දීය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් appeared first on Siyatha News.