පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම: ආණ්ඩුව, වෘත්තීය සමිති, ගුරුවරුන් සහ දෙමාපියන් කියන්නේ කුමක් ද?

Wait 5 sec.

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් පසුගිය දා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළේ ය.එහි දැක්වුණු එක් කරුණක් වූයේ, මෙම ප්‍රතිසංස්කරණ යටතේ 5 ශ්‍රේණියේ පාසල පවත්වන කාල සීමාවේ වෙනසක් සිදු කිරීම ය.ඒ අනුව, එම ශ්‍රේණිය සඳහා පාසල පවත්වන වේලාව මිනිත්තු 30කින් වැඩි කිරීමට නියමිත ය.