සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රධාන වශයෙන් සම්බන්ධ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති වාර්තාවක දැක්වේ.මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව එම ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර මෙම රටවල් දෙක ප්‍රධාන මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බව එම වාර්තාවේ සඳහන් ය.