නවක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මැද ඉන්දියාව පළමුවරට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී

Wait 5 sec.

ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කාන්තා එක් දින ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් විය. ඒ අනුව තරගාවලි ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවෙන් සහ එංගලන්තයෙන් තොරව වෙනත් රටක් ලෝක ශූරයින් බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය වේ.2000 වසරේදී නවසීලන්තය ලෝක ශූරයින් බවට පත් වූ අතර, පැවැති අනෙක් තරගාවලි සියල්ලේම ලෝක කුසලානය හුවමාරු වූයේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරය.