ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇති අතර, ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ගනු ලබන්නේ, ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසිනි.