මැදපෙරදිගින් වහාම ඉවත්වන්න – අමෙරිකානුවන්ට රතු නිවේදනයක්

Wait 5 sec.

මැදපෙරදිග කලාපයේ පවතින බරපතල ආරක්ෂක අවදානම් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබිය, කටාර් සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් 14 ක සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටවලින් ඉවත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. සිය සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් කොන්සියුලර් කටයුතු පිළිබඳ සහකාර ලේකම් මෝරා නම්දාර් අවධාරණය කර ඇත්තේ, පවතින තර්ජනයන් හමුවේ තම පුරවැසියන් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා පිටත්විය යුතු බවයි. ඊයේ (02) ජෝර්දානයේ අම්මාන්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ද ඉන් ඉවත් වී ඇති අතර, ඉරානය, ඉරාකය, ලෙබනනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවල් රැසක වෙසෙන පුරවැසියන් වෙත මෙම හදිසි ඉවත් වීමේ නියෝගය බලපැවැත්වෙන බවයි වැඩිදුරටත් විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.The post මැදපෙරදිගින් වහාම ඉවත්වන්න – අමෙරිකානුවන්ට රතු නිවේදනයක් appeared first on Siyatha News.