ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා සාක්ෂරතා අනුපාතය සමවෙයි. ස්ත්‍රී සාක්ෂරතා අනුපාතය 97% දක්වා ඉහළට

Wait 5 sec.

ශ්‍රී ලංකාවේ ලක්ෂ 4කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය ලබා නොමැති බව 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවේ දක්වා තිබේ. එම වාර්තාවට අනුව, වයස අවුරුදු 25 හා ඊට වැඩි මුළු ජනගහනයෙන් 400,511 දෙනෙකු පාසල් නොගිය පිරිසට අයත් වන අතර ඉන් 136,168 දෙනෙකු පිරිමි සහ කාන්තාවෝ 264,343 දෙනෙකු වෙති.