පසුගිය සතියේ ඊශ්‍රායලයේ චැනල් 12 ප්‍රවෘත්ති ජාලය විසින් කරන ලද මත විමසුමකින් හෙළි වූයේ, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%ක් පමණ හිස්බුල්ලා සංවිධානයට එරෙහි අඛණ්ඩ ප්‍රහාරවලට සහය දක්වන බව ය.වෙනත් සමීක්ෂණ තුනකින් යෝජනා වූයේ, ට්‍රම්ප් ඉරානය සමග එකඟ වූ සති දෙකක සටන් විරාමයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් බහුතරයක් විරුද්ධ බව ය.