වසරක් තුළ පනත් 26කට පාර්ලිමේන්තු අනුමැතිය

Wait 5 sec.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ වූ 2025 ජනවාරි 01 වැනිදා සිට ගෙවුණු වසරක කාලය තුළ රජයේ පනත් කෙටුම්පත් 26ක් සම්මත කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙම සම්මත වූ පනත් අතර විශේෂයෙන්ම එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සහ ක්‍රීඩාවල උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති පනත විශේෂ වනවා. මීට අමතරව, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සම්බන්ධ පනත් මෙන්ම ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ද මෙම කාල සීමාව තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත් සුවිශේෂී පනත් කෙටුම්පත් අතරට අයත් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.The post වසරක් තුළ පනත් 26කට පාර්ලිමේන්තු අනුමැතිය appeared first on Siyatha News.