දිට්වා සුළි කුණාටුව නිර්මාණය වීමට පෙර සිටම වර්ෂාව වැඩි වීමත් සමග නොවැම්බර් 26 වැනිදා උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රිය දෙකක් හදිසියේ නතර කිරීමට ගත් තීරණය හේතුවෙන් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවීම ගැන සතුටු වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන ධනුෂ්ක දිසානායක පවසයි.