හදවත් රෝග, ආඝාතය සහ වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග රැසකට මග පාදන අධිරුධිර පීඩනය සාර්ථක ලෙස පාලනය කළ හැකි ඖෂධයක් නිපදවීමට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සමත්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා පවසයි.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වාගේ නායකත්වයෙන් වසර 10ක් පුරා කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඖෂධය නිපදවීමට හැකි වූ බව පර්යේෂකයෝ පවසති.