ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක්

Wait 5 sec.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.ඒ අනුව ඔහු වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇත.පොලිසිය පැවසුවේ, පසුගිය දිනවල ගල්කිස්ස උසාවි සංකීර්ණය අසල නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇති වූ සිද්ධියකදී, එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව මූලික විමර්ශනවලට අනුව මෙම ස්ථාන මාරු කිරීම සිදු කර ඇති බවයි.The post ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක් appeared first on Siyatha News.