තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් මරුට

Wait 5 sec.

ඊයේ(12) රාත්‍රී කාලයේදී කුරුණෑගල පොලිස් වසමේ කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව කුරුණෑගල පොලීසිය මඟින් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. මරණකරු වයස අවු.34 ක් වූ පැපොලේවෙල, කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මරණකරු තම සහෝදරයාගේ නිවසේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර සහෝදරයා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් සහෝදරයා කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.අපරාධයට සම්බන්ධ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේThe post තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් මරුට appeared first on Siyatha News.