හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හැරේ

Wait 5 sec.

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස අද(14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවාකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබුණේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, 2022 මැයි 09 දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, තම නිල බලය භාවිත කරමින් අදාළ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 8,850,000/- ක වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනුයි. මෙය ‘දූෂණය’ නැමති වරදක් මෙන්ම මහවැලි අධිකාරිය සතු දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ සිදු කළ වරදක් බවට චෝදනා එල්ල වී තිබුණා.The post හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හැරේ appeared first on Siyatha News.