තලාවේ බස් අනතුරකින් 5ක් මරුට – තවත් පිරිසකට තුවාල

Wait 5 sec.

අද දහවල් කාලයේදී තලාව 411- ගම්මානයේ සිට තලාව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. වැහිබර කාලගුණයක් පැවති අවස්ථාවේ, ජයගඟ මංසන්ධියෙන් අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයට හැරවීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.බස් රථය මාර්ගය අසල වූ විශාල මාර ගස් දෙකක් අතර සිරවීම හේතුවෙන් සිදුවීමට තිබූ විශාල විනාශයක් වැළකී ඇතැයි වාර්තා වනවා. තලාව පොලීසියට අනුව, මෙම අනතුරෙන් බස් රථයේ ගමන් කළ මගීන් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබේ.අනතුර සිදු වූ වහාම, තලාව ඥානෝදය පිරිවෙනේ විහාරාධිපති හා පරිවේනාධිපති මැණික්හින්නේ ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් අනතුරට පත් වූවන් කඩිනමින් මුදා ගැනීමට කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන ආකාරයට, මෙම මාර්ගය දෙපස ඇති විශාල මාර ගස් දැනටමත් අනතුරු රාශියකට හේතු වෙමින් පවතින බවයි.The post තලාවේ බස් අනතුරකින් 5ක් මරුට – තවත් පිරිසකට තුවාල appeared first on Siyatha News.