රජය ව්‍යාපාර කළ යුතුද යන්න සංවාදාත්මක ප්‍රශ්නයකි. ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් පාඩු ලැබීම හමුවේ ජාතික ආරක්ෂාවට බලපාන ක්ෂෙත්‍ර හා පොදු මහජනතාවට අත්‍යාවශ්‍ය වන සේවා හැර අනෙකුත් ක්ෂෙත්‍රවල රජය තවදුරටත් ව්‍යාපාර කළ යුතු ද යන මාතෘකාව යළි සංවාදයට මතුව තිබේ.මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති 2025 වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අනුව රාජ්‍ය ව්‍යවාසයන් 52ක් අතුරින් 18ක් පාඩු ලබමින් ඇත.