ගාල්ල වරාය පොලිසිය විසින් ගාල්ල, හීනටිගල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 152යි මිලිග්‍රෑම් 320ක් සොයාගෙන ඇත. ඊට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් තිස්ලක්ෂ අසූදහසක (රු. 3,080,000) මුදලක් ද සැකකරු ළඟ තිබී පොලිසිය සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, සැකකරු ධීවර කටයුතු සඳහා මුහුදු ගොස්, ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් නීතිවිරෝධී ලෙස මෙම මත්කුඩු මෙරටට රැගෙනවිත් ඇති බවයි.The post හෙරොයින් සමඟ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට appeared first on Siyatha News.