සමාජ ආරක්ෂණ බද්ද: අයවැයෙන් පසු වාහන වෙළෙඳපොළ මිළ ගණන් වෙනස් විය හැකි ද?

Wait 5 sec.

මෙවර අය-වැය සමග වාහනවල මිලෙහි වෙනසක් සිදුවනු ඇති බවට වූ පුරෝකථනයත් සමග ගතවූ සති කිහිපය තුළ මෙරට වෙළෙදපොළ තුළ වාහන මිල සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති විය. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය සිකුරාදා සිය අය-වැය කතාව ඉදිරිපත් කරමින් පැවසුවේ වාහන අලෙවි කිරීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බව නිරීක්ෂණය වන බව ය.