උසස් පෙළ විභාගය අද ඇරඹේ

Wait 5 sec.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර, එය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වේ.මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 340,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, එයට පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළත් වේ.විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ප්‍රකාශ කළේ, සියලුම අයදුම්කරුවන් විභාගය ආරම්භ වීමට පැයකට පෙර තම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි.මේ අතර, විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල පවසයි.තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කරන්නේ, විභාග කාලසීමාව තුළ ආපදා තත්ත්වයන් නිසා ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.The post උසස් පෙළ විභාගය අද ඇරඹේ appeared first on Siyatha News.