කුච්චවේලි සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Wait 5 sec.

යුද්ධය පැවති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට සිටි මුලතිව්, මුල්ලියාවලී පදිංචි කාන්තාවකගේ ඉඩම් බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයියනප් පිල්ලෙ මුබාරක්ගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු වන සැකකාර සභාපතිවරයා ලබන නොවැම්බර් 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සභාපතිවරයාගේ රියදුරු වන මොහොමුදු මුස්තාපා නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ මුදල ලබාගත් අවස්ථාවේදීය.The post කුච්චවේලි සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි appeared first on Siyatha News.